මලෝති
සහ නයොනාන්ග්ශු යන විවාහක යුවළ අතරට පැමිණෙන ජයන්තෝ නැමති තුන්වැන්නෙකු
වටා ගොඩනැගෙන කතාව වෛවාහික ජීවිත වල ගැටළු, දකුණු ආසියානු ලිංගික
අධ්‍යාපනයේ තත්ත්වය, ස්ත්‍රිය සහ පුරුෂයාගේ සම්ප්‍රදායික සිතුවිළි රටාව
යනාදිය සාකච්චාවට භාජනය කරයි. පළමු කොටස් කිහිපයේ පෙළගැස්ම එක් එක් චරිතය
එකම සිදුවීමකට මුහුණදෙන ආකාරය විස්තර කරයි. (කිසිවෙකු කවි කඳුර කියවා
ඇතිනම් එම ඈඳිම සිහි ගන්වනු ඇත) එය ඔවුන්ගේ අතිශය පෞද්ගලික කාරණා
දර්ශාස්වාදනය කිරීමක් බඳුය. ඉන් පසුව විවාහක යුවළ සමෝසමේ සිය සිතිවිලි දිග
හරියි. ඔවුන් එළඹෙන තීන්දු තීරණ කියවන අප විසින් විනිශ්චයට ලක්වෙනු ඇත.
වඩාත්ම සිත් ගනුයේ එකී සිදුවීම් ඉදිරිපත් කිරීමේදී දක්වන භාෂාමය සංයමයයි.
රාගයෙන් දැවෙන පුරුෂයා සිය අවිවාහක වියේදී අබිසරුලියක් වෙත යන විස්තරය
ඉදිරිපත් කරනා ආකාරය සහ ගැටවර වියේදී ඔහු තුළ පහළවෙන ලිංගික උද්දීපනයන්
සමනය කරනා අකාරය භාෂාවෙන් ඉදිරිපත් කිරීමේ ගෞරවය පරිවර්තකයාට හිමිවිය යුතුය
Gewena Thura Raya Maha Wasi Adahaluni - ගෙවෙන තුරා රැය මහ වැසි ඇදහැලුණි
- Publisher: Subavi Publishers - සුභාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chulananda Samaranayake - චුලානන්ද සමරනායක
- ISBN: 9789551558420
- Availability: Out Of Stock
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30